Customer Agent


Service in Sinhala

Your Complaints

21. පලකරනු ලබන මංගල දැන්වීම් සඳහා සැබවින්ම පිළිතුරු ඇමතුම් ලැබෙනවාද?

ඔබගේ මංගල දැන්වීම ලෝකයේ ඕනෑම කෙනෙකුට නැරබීමට හැකියාව ඇත. ඔබට කැමති කෙනෙක් ඔබගේ දුරකථන අංකයන් දුටු විට ඇස් නොපෙනෙන කෙනෙකු හැර අන් සියල්ලම ඔබ අමතනු ඇත. මේ නිසා ඔබට ඇතිවන ප්‍රශ්නයක් වනුයේ කවරකු මේ අයගෙන් තෝරාගනු ලබන්නේද? යන්නයි. මේ නිසා ඔබගේ විවාහය කල්යාමටද ඉඩ ඇත. මෙය අපගේ ගැටළුවක් නොවන අතර ඔබගේ කර්මගත ප්‍රශ්නයකි.

22. සමහර මංගල දැන්වීම් වල ඉන්න අයගේ මාසික අදායම ඔය කියනතරම් තියෙනවද?

සමහර විට නැත. ඊට නිදසුනක් ලෙස තම දැන්වීම තුල මාසික අදායම ලක්ෂ ගණන් සටහන්ව තිබුනත් ඔවුන් තම මංගල දැන්වීම සඳහා රුපියලක් වත් ගෙවා නැති නොමිලේ මනාලියක් සොයන අය විය හැකිය. මෙවැනි අය මෙම වෙබ් අඩවියේද සිටින බව ඔබට හදුනා ගත හැකිය.

23. අන්තර් ජාලයේ ඇති සෑම වෙබ් අඩවියකම ලියා පදිංචි වීමෙන් ලැබෙන ප්‍රතිචාර ප්‍රමාණය වැඩිවේද?

කොහෙත්ම නැත. ඔබගේ මුදල් නිකරුණේ නාස්තිවීමක් පමණක් සිදුවේ. මංගල දැන්වීම් සොයන කෙනෙකු sri lanka marriage proposals ලෙස Google වෙබ් අඩවියේ type කල විට මුල්පිටුවට එන එක වෙබ් අඩවියක ලියා පදිංචි වීම පමණක් ප්‍රමාණවත්ය. ඒ අතරින් අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වූ අයට සුවිශේෂී ආරක්ෂාවක් හා හොඳ පාරිභෝගික සේවා නියෝජිතයකුගේ සහය ලබාගත හැකිය.

24. වංචනිකයකු යම් අයුරකින් හමු උවහොත් ඔබ කල යුත්තේ කුමක්ද?

හැකි විගස ඔහු හෝ ඇය පිලිබඳ විස්තර අප හට ලබා දී අප විසින් ලබාදෙන උපදෙස් පිළිපදින්න. ඔබ නිහඩව සිටියහොත් එය ඔබ මෙම සමාජයට කරන වරදකි. එවැනි අයගෙන් තවත් ඔබවැනි අයට තවත් වංචා කටයුතු නොවීමට ඔබ වගබලාගත යුතුය.

25. ශ්‍රී ලාංකිකයන්ට අන්තර් ජාල මංගල සේවා ලබාදෙන ප්‍රධාන ආයතන මොනවද?

දැනට අප ශ්‍රී ලාංකිකයන්ට යම් හෝ විස්වාසනීය මංගල සේවා ලබාදෙන ප්‍රධාන ආයතන සම්බන්ද වෙබ් අඩවි:

excel මංගල සේවය.

ලියතඹරා මංගල වෙබ් අඩවිය.

expresslanka මංගල සේවය.

මෙම වෙබ් අඩවි වලින් පැය 24 පුරාවටම අවම ගාස්තුවක් යටතේ වඩාත් ඵලදායි සේවාවක් ලබාදෙන්නේ express lanka marriage proposals ආයතනයයි.

26. අන්තර්ජාලය තුල මංගල දැන්වීම් දැමීමෙන් තමන්ගේ කීර්තිනාමයට කැළලක් වේවිද?

ලංකාවේ සිටින බොහෝ දෙනෙක් (එනම් 70% ක් පමණ) මානසික මට්ටමින් බබාලාය. Facebook වෙබ් අඩවිය තුල විවිධාකාර නර්තන සහිත තමන්ගේ photos දා likes දහස් ගණන් ගනී. තමන්ගේ ෆොටෝස් හා පෞද්ගලික් විස්තර ලෝකය පුරා සිටින බල්ලෝ බළල්ලු අතටත් පත්වේ. නමුත් ඒ දේවල් අප ශ්‍රී ලාංකීය ගැහැණු හා පිරිමි අය සලකන්නේ නම්බුවක් ලෙසය. මගේ photo එකට likes ගොඩක් ලැබුණු බව යාළුවන්ට පවසන්නේ ලොකු ආඩම්බර කමකිනි.

නමුත් තමන්ගේ මංගල දැන්වීමට photo එකක් දාන්න හරිම ලැජ්ජ අපේ බබාලා ඕනෑතරම් ලංකාව ඇත. කොන්ද කෙලින් තියන් තමන්ගේ photo එකක් දාල තමාට මනාලයෙක් හෝ මනාලියක් හොයන අය ගැන අප ආඩම්බර විය යුතුය.

27. විශේෂයෙන්ම ශ්‍රී ලාංකික කාන්තාවන් අන්තර්ජාලය තුල මංගල දැන්වීම් පලකිරීමට මැලිකමක් දක්වන්නේ මන්ද?

සමාජ ජාල වෙබ් අඩවි වල තමාගේ අඩ නිරුවත් ෆොටෝස් දාල කාගේත් සඳවතිය වෙන්න උත්සාහ කරන කාන්තාවන් අපරටේ ඕන තරම් සිටී. නමුත් අන්තර්ජාලයේ පළවන මංගල දැන්වීමකට තමන්ගේ චාම් වැදගත් ෆොටෝ එකක් දාල මනාලයෙක් සොයාගන්න එක ලජ්ජා සහගත කරුණක් ලෙස ශ්‍රී ලාංකික කත සලකයි. එයින් අදහස් කරන්නේ එක්කෙනෙකුගේ සඳවතිය වීමට වඩා කාගේත් සඳවතිය වීම උසස් දෙයක් සලකන සංස්කෘතික ලක්ෂණයක් අප රටේ කාන්තාවට ඇති බවයි. ඉහත සඳහන් වර්ගයේ අදහස් ඇති කාන්තාවන් අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි නොවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. තමාගේ ෆොටෝ එකක් දාලා මංගල දැන්වීමක් පළකර තමන්ට හොඳ සහකරුවෙක් ඕන කියල කොන්ද කෙලින්තියන් අවංකව එක සිතින් පතන කාන්තාවන් අපි අගය කල යුතුය. අප ඔවුන්ව ආරක්ෂා කලයුතුය.


Footer Line

Select
Districtwise Brides & Grooms


Flag Counter
Service in Sinhala